මහජන සම්බන්ධතාවය යන්න සරලව හඳුනාගැනීමේදී හොඳ හිත සහ හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස පෙන්වා දිය හැකිය. එය තවදුරටත් හඳුන්වාදීමේ දී කිසියම් සංවිධානයක් හා එයට අදාළ මහජනයා අතර අනෝන්‍ය අවබෝධය ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා සිතා මතා, සැලසුම් සහගතව ,ඉවසීමෙන් යුතුව පවත්වාගෙන යනු ලබන සබඳතා ජාලයකි.