How libraries can use the Internet to provide continuous services to their users in the covid 19 pendemic

අන්තර්ජාලය යනු කුමක්ද ? (what is internet?)

“The Internet , sometimes called simply “ The net” is a world Wide system of computer network a network of networks in which users at any one computer can, if they have permission,  get information from any other computer (and sometimes talk directly to users at other computers) ” -whatls.com –

“ The Internet is a globale wide care network that connects computer systems across the world. It includes several high-band width data lines that comprise the net “Backbone ”. These lines are connected to major Internet hubs that distribute data to other locations,  such as web servers and IPS.” -Techterms.com-

https://youtu.be/GZH47ghqLgM https://youtu.be/wccRBMgfijr

මිලියන ගණනක් පරිගණක සම්බන්ධ කරමින් ලොව විශාලතම ජාලය ලෙස අන්තර්ජාලය පෙන්වා දිය හැකිය. ජාලයක් යනු පරිගණක පද්ධති දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ වූ සමූහයකි.බිලියන ගණනක පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග අන්තර් සම්බන්ධිත ගෝලීය ජාලයක් ලෙසද හදුන්වා දිය හැකිය. Internet හරහා, ඕනෑම තොරතුරක් හෝ දත්තයක් වෙත ප්‍රවේශ වීමට, ලෝකයේ වෙනත් ඕනෑම අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට සහ තවත් බොහෝ දේ සිදු කිරීමේ හැකියාව පවති.

Internet යනු පුද්ගලික, පොදු, ව්‍යාපාර, අධ්‍යයන සහ රජයේ ජාල ඇතුළුව බොහෝ දෑ සඳහා මඟ පෙන්වන ගෝලීය දත්ත හුවමාරු ජාලයකි. Internet, යන්න සරලවම "නෙට්" ලෙස හැඳින්වේ. එය ලොව පුරා පරිගණක ජාල පද්ධතියකි. ඕනෑම පරිගණක පරිශීලකයින්ට අවසර තිබේ නම් වෙනත් ඕනෑම පරිගණකයකයක් සමඟ සම්බන්ධ විය හැකිය.

අන්තර්ජාලයේ සංවර්ධනය සඳහා මූලික වශයෙන් පද්ධති තුනක් බලපා ඇතිබව පෙන්වා දිය හැකිය. මේ අනුව මුලදී හමුදාමය ව්‍යාපෘතීන් යටතේ රජය මේ සඳහා මැදිහත් වීම සිදුකරනු ලැබූහ. අනතුරුව ශාස්ත්‍රීය අංශ පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා මෙම ජාල සමඟ සම්බන්ධතා ඇතිකර ගත්තේය. එය ක්‍රමයෙන් වාණිජ හා පෞද්ගලික භාවිතය සඳහාද පසුව පැමිණියේය. ඒ අනුව රාජ්‍ය, අධ්‍යාපන හා වාණිජ අංශ අන්තර්ජාලය සංවර්ධනය සඳහා පාදක වූ බව පෙන්වා දිය හැකිය.

එමෙන්ම අන්තර්ජාලය සංවර්ධනය වීම සඳහා ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් පාදක වී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය. එනම්,

> 1836 වර්ෂයේදී සොයා ගන්නා ලද ටෙලිග්‍රාෆ්ට් (Telegraph)  ක්‍රමය ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගනු ලබයි. මෙම කාල වකවානුවේදී මානව සන්නිවේදනය අනුව විප්ලවීය වෙනසක් සිදු විය.

>ඉන් අනතුරුව 1858-1866 කාල වකවානුව තුළ සොයාගන්නා ලද අත්ලාන්තික් සාගර කේබලය (Transatlantic cable) ඉතා සුවිශේෂීතාවයක් අසුලනු ලබයි. අත්ලාන්තික් සාගරය හරහා සෘජු ක්ෂණික සන්නිවේදනය (direct instantaneous communication) සඳහා අවසර දී ඇත. අද කේබල් සියලු මහද්වීප සම්බන්ධ කරන අතර තවමත් විදුලි සංදේශයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි.

> එමෙන්ම 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් දුරකථනය (Telephone) සොයා ගැනීමද අන්තර්ජාලයේ තවත් එක් සංවර්ධනීය අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම 1940-1980 දක්වා කාලය තුළ ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඇති වූ සීතල යුද්ධය මෙයට ප්‍රමුඛ කාරණාවක් ලෙස පෙන්වා දිය හැකිය. 1957 දී සෝවියට් සමාජවාදී ජනරජ සංගමය විසින් Sputnik නැමැති ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව (artificial satellite) කක්ෂගත කිරීමද මේ සඳහා බලපා තිබේ.

1984 වන විට අන්තර් අන්තර්ජාලයට සම්බන්ධ Host Breaks ප්‍රමාණය 1000ක් දක්වා සංවර්ධනය වීම සිදුවිය. එමෙන්ම domain name saver හඳුන්වාදීමත් මේ අතරතුර සිදු විය. අන්තර්ජාල ලිපිනයන් දැක්වීමේදී ඉලක්කම් වලින් ප්‍රදර්ශනය කරනවා වෙනුවට අකුරු මඟින් ඒවා දර්ශනය කිරීම මේ තුළින් සිදුකරනු ලැබීය.

1986 වසර වන විට පරිගණක 5000ක් ද news groups 241ක් ද අන්තර්ජාලයට එකතු විය.

අන්තර්ජාලයේ සමාජීය බලපෑම

කාර්මික යුගයේ දී විදුලි එන්ජිම මෙන්ම, තොරතුරු තාක්ෂණ යුගයේදි මඟ පෙන්වන තාක්‍ෂණය අන්තර්ජාලයයි. අන්තර්ජාලය යනු ප්‍රධාන වශයෙන් රැහැන් රහිත අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය සපයන අන්තර් සම්බන්ධිත ජාලයන්ගේ ගෝලීය ජාලයකි. අන්තර්ජාලය ප්‍රථම වරට යෙදවූයේ 1969 දී වුවද එය මහජනයාට ලබා ගත හැකි වූයේ 1990 දශකයේදී ය.

එතැන් සිට එහි භාවිතය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර දැනට අන්තර්ජාල තාක්‍ෂණය භාවිතා කරන රැහැන් රහිත උපාංග බිලියන 7 ක් පමණ භාවිතා කරයි. අප ලෝකයේ බිලියන 7.7 ක ජනතාවක් සිටින අතර වයස අවුරුදු 5 ට අඩු අය අතර සීමිත භාවිතයක් ඇති බැවින්, සමස්ත මනුෂ්‍යත්වයම දැන් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බව පැවසීමට හැකිය. කෙසේ වෙතත් ලබා ගත හැකි කලාප පළල (bandwidths) අනුව එහි භාවිතයේ කාර්යක්ෂමතාව සහ පිරිවැයෙහි වෙනස්කම් තිබේ.

පවතින තොරතුරු වලින් 95% ක් පමණ ඩිජිටල්කරණය කර අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි බවට උපකල්පනය කර ඇත. සන්නිවේදනය, දැනුම ලබා ගැනීම මෙන්ම සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයේ පූර්ණ පරිවර්තනයකට ද අන්තර්ජාලය හේතු වී තිබේ. කෙසේ වෙතත්, සියලු ප්‍රධාන තාක්ෂණික වෙනස්කම් මෙන්ම, අන්තර්ජාලය සමාජයට ද හිතකර හා අහිතර බලපෑම් ඇති කරයි.

අන්තර්ජාලයේ හිතකර බලපෑම්

·        එය ලෝකයේ ඕනෑම රටකට තොරතුරු සන්නිවේදනය කරයි.

·        එය ව්‍යාපාරික අන්තර්ක්‍රියා සහ ගනුදෙනු වැඩි දියුණු කරීම මෙන්ම කාලය ඉතිරි කරයි.

·        සමාජීය ක්ෂේත්‍ර කටයුතු සරල කොට ඇත.(බැංකු කටයුතු, මාර්ගගත මිලදි ගැනීම්, ආරක්ෂණ සේවා,..)

·        රූපවාහිනිය හෝ පුවත්පත මත පමණක් පදනම්ව නොසිට ඔබට ලෝකයේ ඕනෑම රටකින් නවතම පුවත් වෙත පිවිසිය හැකිය.( e- news,journals,book,vedios....)

·        ලොව පුරා පුස්තකාලවලින් ගණනය කළ නොහැකි පොත් සහ සඟරා අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බැවින් අධ්‍යාපනයට විශාල ශක්තියක් ලැබී තිබේ. මෙය පර්යේෂණ පහසු කර ඇත. සිසුන්ට දැන් අන්තර්ජාලය භාවිතයෙන් මාර්ගගත පාඨමාලා තෝරා ගත හැකිය.

·        බොහෝ පුරප්පාඩු අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමත් සමඟ මාර්ගගත අයදුම්පත් සම්මතයක් බවට පත්වීමත් සමඟ රැකියා සඳහා අයදුම් කිරීම පහසු වී ඇත.

·        වෘත්තිකයන්ට දැන් තොරතුරු සහ ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා හුවමාරු කර ගත හැකි අතර එමඟින් පර්යේෂණ වැඩි දියුණු කළ හැකිය.

අන්තර්ජාලයේ සේවාවන්

·        Web  Services

·        Communication Services

·        World Wide Web

·        Video Conferencing

·        Electronic Mail

·        Chat Rooms

·        File Transfer Protocol (FTP)

·        News Groups

·        Instant Messaging

·        Information Retrieval Services

·        E- Commerce

·        Telnet (Remote Coputing)

·        Directory Services ( like DNS , LDAP)

covid 19 රෝගි තත්වය

     කොරෝනා වෛරස් රෝගය හෙවත් covid 19 චිනයේ වුහාන්වලින් ආරම්භ වි අද වනවිට ලෝකය පුරා පැතිරිඇති දරුණු වෛරසයකි. මෙම රෝගි තත්ත්වය ශ්වසන ජල බිඳිති හරහා ද, ස්පර්ශය හරහා ද සම්ප්‍රේෂණය වේ. මේ සඳහා තවමත් ප්‍රත්‍යක්ෂ එන්නතක් නොමැති අතර රෝගය උස්සන්න වු අවස්ථාවක මරණය පවා සිදුවිය හැකිය. covid 19 රෝග තත්වයේ සමාජ වටපිටාව ගැන සදහන් කළොත් මෙම රෝග තත්වය විශාල වශයෙන් සමාජය තුළ පැතිරෙමින් පවති. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමග සෘජුවම සම්බන්ධ විමේ දි මෙම රෝගි තත්වය වැඩි වශයෙන් ව්‍යාප්තවිමේ අවධානමක් ඇත. සමාජය තුළ මෙම රෝගය ව්‍යාප්ත විම වළක්වා ගැනිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. සමාජ දුරස්ථභාවය ඇති කිරිම සදහා කාර්යාල, කර්මාන්තශාලා, අධ්‍යාපන ආයතන ආදිය වසා දමමින් පුද්ගලයන් එකිනෙකා කායිකව ඈත් කිරිමට කටයුතු කර ඇත. එසේම ශාරිරික දුරස්ථභාවය මෙන්ම නිරන්තරයෙන් නියම ආකාරයෙන් අත් සේදිම, මුඛ ආවරණ පැළදිම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිමට උපදෙස් ලබාදිම, කොරෝනා රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් හුදකලා කිරිම ආදි ක්‍රියාමාර්ග සමාජය තුළ අනුගමනය කරයි. මෙම රෝගය හේතුවෙන් පෙර මෙන් පුද්ගලයන්ට සමාජයේ නිදහසේ ගැවසිමට ඇති ඉඩකඩ සිමාපනවා ඇත. මේ හේතුවෙන් සමාජයේ මිනිස්සුන්ට පුරුදු සාමාන්‍ය දිවිපෙවෙතෙන් බැහැර වි කටයුතු කිරිමට සිදු වි ඇත.

covid 19 පුස්තකාල සේවා සඳහා ඇතිකරනු ලබන බලපෑම

      කොරෝනා රෝගය පුස්තකාල කාර්යයන් සදහා අහිතකර ලෙස බලපා ඇත. මෙම රෝගය හේතුවෙන් ලෝකය පුරා සියළු පුස්තකාලවල කටයුතු අඩපණ වි ඇත. covid 19 පහත ආකාරයෙන් පුස්තකාල හා සේවා සදහා බලපෑමක් ඇති කර ඇත.

පාඨකයන්ට සෘජුවම පුස්තකාල වෙත පැමිණිමට නොහැකිවිම

 පෙර මෙන් පාඨකයන්ට පුස්තකාල වෙත පැමිණ ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාව සපුරා ගැනිමේ අවස්ථාව මෙම රෝග තත්වය නිසා වැළකි ඇත. එම නිසා පාඨකයන්ට අන්තර්ජාල වැනි මාධ්‍යයන් හා සම්බන්ධ වෙමින් විශාල තොරතුරු ප්‍රමාණයකින් සාධිකාරි වූ තොරතුරු ගවේෂණය කිරීමට සිදුව ඇත. ආබාධිත රෝගි තත්වයන්ගෙන් පෙළෙන අය සඳහා වෙනමම සේවාවන් නිර්මාණය කළ යුතුය.

පාඨකයන් සඳහා පවත්වාගෙන යන පාඨක සේවා අත්හිටුවිමට සිදුවිම

බැහැර දිමේ සේවාවේ සිට පුස්තකාලය විසින් පවත්වා ගෙන ගිය සෑම සේවාවක්ම පාඨකයාගේ තොරතුරු උපයෝගිතාව පහසුවෙන්ම සපුරා ගැනිමට හේතු විය. නමුත් මෙම රෝගි තත්වය නිසා සියලු පාඨක සේවා අත්හිටුවිමට සිදුවිම පාඨකයාට මෙන්ම පුස්තකාල පද්ධතියටම සිදු වු විශාල පාඩුවකි.

පාඨක පරිහරණයෙන් තොරව පැවැතිම නිසා පුස්තකාල ද්‍රව්‍යයන්ට විවිධ හානි ඇතිවිම

 පුස්තකාල වසා දැමිමට සිදුවිම නිසා පුස්තකාල ද්‍රව්‍ය පරිහරණයෙන් තොර ද්‍රව්‍යය බවට පත්ව ඇත.(දුවිලි, පුස්, දිලිර වැනි අහිතකර තත්වයන් ඇතිවිම, හුදකලාව පැවතිම නිසා මීයන් වැන් සතුන්ගෙන් ද පුස්තකාල ද්‍රව්‍යයන්ට හානි සිදුවිමට ඇති අවස්ථා වැඩිය)

පාඨකයාගේ තොරතුරු අවශ්‍යතා සපුරාදිමේ දි ගැටළු සහගත තත්වයන්ට මුහුණ දිමට සිදුවිම.

පෙර මෙන් පාඨකයාට පුස්තකාලයට පැමිණිමට නොහැකි නිසා ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාදිමට වෙනත් ක්‍රියාමාර්ග ගැනිමට පුස්තකාල බලධාරින්ට සිදුවේ. මෙම අවස්ථාවේ දි පාඨකයාට මාර්ගගත අයුරින් තොරතුරු ලබාදිමට සිදුවේ. නමුත් සෑම පාඨකයෙක්ටම අන්තර්ජාල පහසුකම් නොමැති විමත්, සෑම පාඨකයෙක්ටම තාක්ෂණික දැනුම නොමැති විමත් නිසා සියලු පාඨකයන්ට එක ලෙස සහාය ලබාදිමට නොහැකි විම වැනි ගැටළු ඇති වේ.

අඛණ්ඩව පවත්වාගෙන යන ලද පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිගහණය අඩාල විම

පුස්තකාලයක් නිරන්තරයෙන් ම පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිගහණය කරයි. නමුත් මෙම රෝග තත්වය හේතුවෙන් පොත් කර්මාන්තය අඩාල විම, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඒ සදහා යොමු කිරිමට නොහැකිවිම, සෞඛ්‍ය හේතුමත හුවමාරු කිරිම් සිදු නොකිරිම ආදි කරුණු නිසා පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිගහණය සිදුනොවේ. මෙය පුස්තකාල පද්ධතියටම හානියකි.

පුස්තකාල සේවාවන්

පුස්තකාලයේන් ලබා දෙන සේවා ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපට හඳුනාගත හැකිය.

1.පුස්තකාල සේවා

2.තාක්ෂණික සේවා

පුස්තකාල සේවා - නිරතුරුවම පාඨකයා හා සමග සිදූවන සේවාවන්ය. එහිදි පැහැදිලි ලෙස එකී සේවාවන් දැක ගත හැකි වේ. මෙවා සෘජුව හෝ වක්‍රව පුස්තකාලය විසින් පාඨකයා ඉලක්ක ගත කරගෙන සිදූකරනු ලැබේ. එහිදී,

ග්‍රන්ථ පරිශීලනයට අවස්ථාව ලබා දීම

පොත් බැහැර දීම

පටුන පිටු සේවය

තරඟාවලි සංවිධානය කිරීම

උදා :-  විවාද

ප්‍රශ්න විචාරාත්මක වැඩ මුළු

කෙටි කතා, නව කතා, නිසදැස් ලීවීමේ තරඟ

පුහුණු වැඩමුළු පැවැත්වීම

උදා :-  නවක සේවකයන් පුහුණු කිරීම

පාඨකයන්ට පුස්තකාලය පරිහරණය පුහුණු කිරීම

වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම

උදා :-  ස්වයං රෑකියා

බෝග වගාවන් හා එවයේ ලෙඩ රෝග ආදිය පිළිබඳ දැනුවත් කිරීම

විවිධ ආහාර වර්ග සකසන අකාරය පිළිබඳ වැඩසටහන්

සම්මන්ත්‍රණ පැවැත්වීම

උදා :-  5 ශ්‍රේණිය ශිෂ්ත්වය

අ.පො.ස (සා.පෙළ)

අ.පො.ස (උ.පෙළ)

ආගමික වැඩසටහන් සංවිධානය

උදා :-  ශීල භාවනා වැඩසටහන්

ධර්ම සාකච්ඡා

අවුරුදූ උත්සව පැවැත්වීම

තාක්ෂණික සේවා - මෙවා සෑම විටම තිරය පිටුපසින් සිදූවන සේවාවන් ය. මෙවා භාහිරට දර්ශනය නොවේ. තාක්ෂණික සේවා ප්‍රධාන වශයෙන් කොටස් පහකි. එනම් ,

ප්‍රතිග්‍රහණය

පරිග්‍රහණය

වර්ගීකරණය

සූචිකරණය

නිමාව

මෙම තාක්ෂණික සේවාවන් සියල්ලම සඳහා අන්තර්ජාලය සෘජුවම භාවිතා කළ හැකිය.

covid 19 කාල පරාසය තුළදි ඒ ඒ පුස්තකාල කටයුතු සඳහා අන්තර්ජාල සේවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කර ගනිමු.

1.මහජන පුස්තකාලය

“මහජන පුස්තකාලය ජීවමාන හා ජාතීන් අතර අන්‍යෝන්‍ය වැටහිම, සාමය හා සුහදතාවය වර්ධනය කිරීමේලා උපයෝගී වන පොදු ආයතනයකි.”

- යුනිස්කෝ ප්‍රඥප්තිය-

“මහජන පුස්තකාලය අධ්‍යාපනය සංස්කෘතිය හා සන්නිවේදනය පිළිබඳ ප්‍රජාතාන්ත්‍රික ආයතනයකි.”

මහජන පුස්තකාලය වූ කලී එය සමාජයේ වෙසෙන සියලු දෙනාටම පොදු වූ ආයතනයකි. වෙනත් පුස්තකාල හා සසඳන කල මහජන පුස්තකාලයේ පාඨකයන් සීමාසහිත නොවේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා වයස් භේදයකින් තොරව සිය තොරතුරු අවශ්‍යතාවය සපුරා ගැනීමට පාඨක පිරිස් පැමිණෙන පුස්තකාලයකි. එපමණක් නොව මහජන පුස්ථකාලයට පැමිණෙන පාඨකයන්  ජාතීන් වශයෙන්, ආගමික වශයෙන් වෙන්ස් වනු ඇත. රටක මහජන පුස්තකාල කිහිපයක් වුවද පැවතිය හැකිය.සමස්තයක් ලෙස ගත්කල මහජනතාවගේ විවිධ වූ තොරතුරු අවශ්්‍යතාවයන් සපුරාලන කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට සේවා සපයන ස්ථානය මහජන පුස්තකාලයයි. ලොව පුරා සෑම රටකම පාහේ මහජන පුස්තකාල දැකගත හැකිය. නිදසුන්,

Colombo public library

British public library

Boston public library

Indianapolis public library

Villanueva public libaray,Colombia

මහජනයා සඳහාම වෙන් වූ පුස්තකාලය මහජන පුස්තකාලයයි.මෙහි පාඨක ප්‍රජාව ඉතාමත් විශාල වේ. එම නිසා විශාල සේවාවන් රැසක් ඉටු කිරීමට සිදුවනු ඇත.

මෙවැනි වසංගත තත්වයක් තුලදි අදාල ප්‍රදේශය තුළ ඇදිරි නීතිය දමා ඇති අවස්ථාවකදි කිසිදු විටක පාඨකයන් හටත් කාර්්‍ය මණ්ඩලයත් පුස්තකාලය වෙත පැමිණිය නොහැක.එවැනි අවස්ථාවකදි අන්තර්ජාලය භාවිතා කරමින් තම සේවාවන් සැපයිය හැකිය.

එවැනි සේවාවන් ලෙස,

1.ඉලෙක්ට්‍රොනික පුවත්පත් සේවාව

2.ඉලෙක්ට්‍රොනික සඟරා

3.ඉලෙක්ට්‍රොනික පොත්

4.දැනුවත් කීරීම් වැඩසටහන්

5.ප්‍රාදේශීය පුවත් සේවාවන්

6.කාන්තා දිරිගැන්වීම් වැඩසටහන්

7.මහජන පුස්තකාල අතර අන්තර් පුස්තකාල පිරුලු සේවා පැවැත්වීම.

ශ්‍රි ලංකාව පමණක් නොව මුලු මහත් ලෝකයේම මහජන පුස්තකාල අද මෙම වසංගත තත්වයට මුහුණ දී ඇත. අප රටේ ජනතාව තුළ මෙම අන්තර්ජාලය භාවිතය පිළිබඳ සාක්ෂරතාවය සීමිත වුවත් ලෝකයේ අන්තර්ජාලය භාවිතය ඉහළ මට්ටමක පවති. කෙසේ වෙතත් මෙවැනි තත්වයක් තුළ අප රට තුළත් අන්තර්ජාලය භාවිතා කිරීමට අපද උනන්දු විය යුතුය.

පුස්තකාලය තුළ පවතින දැනුම් ගබඩාව අන්තර්ජාලය භාවිතා කරමින් මහජනතාවට ලබාදීමේදි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් භාවිතා කිරීම වඩාත් වැදගත් වේ.

එදිනෙදා පුස්තකාලය වෙත පැමිනෙන මුද්‍රිත පුවත්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික පුවත්පතක් පාඨකයා වෙතට ලබා දීම මෙවැනි අවස්ථාවකදි වඩාත් උච්ත වේ.එසේම ඉලෙක්ට්‍රොනික සඟරා, පොත්, ලිපි, ආදියද අන්තර්ජාලය භාවිතා කරමින් ලබාදීමේ අවස්ථාව උදා වේ.

මෙවැනි කටයුතු ඉතාමත් විධිමත්ව ලබාදීමට භාවිතා කළ හැකි අන්තර්ජාල සේවාවන් කිහිපයක් ලෙස,

සමාජ මාධ්‍ය භාවිතය ( whatsapp, viber, facebook, youtube, භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන් සහ සරලව තම සේවාදායකයින් වෙත තම තොරතුරු හා සේවාවන් සැපයීමේ අවස්ථාව උදා වේ.)

මහජන පුස්තකාලය හරහා කුඩා දරුවන් වෙත සපයන විවිධ දැනුම් වර්ධන වැඩසටහන් youtube හරහා පටිගතකොට තම දරුවන් වෙත ලබා දීමේ හැකියාව පවති.
2.ශාස්ත්‍රීය පුස්තකාලය

ශාස්ත්‍රීය පුස්තකාලය ප්‍රධාන වර්ග දෙකකි.

1 විිශ්ව විද්‍යාල පුස්තකාලය

2 පාසල් පුස්තකාලය

විශ්වවිද්‍යාල පුස්තකාල

-  රටක ඇති මානව සම්පතෙහි අගය ඔප්නංවන ප්‍රමුඛතම ආයතනය ලෙස විශ්ව විද්‍යාල පුස්තකාලය හඳුනාගත හැකිය. එසේම විශ්ව විද්‍යාලය යනු, දැනුම නිපදවන්නාවුත්  පරපුරෙන් පරපුරට එම දැනුම ලබා දෙන්නා වූත් ප්‍රමුඛතම මධ්‍යස්ථාන වේ. එකී දැනුම ගබඩා කර ඇති ස්ථානය විශ්වවිද්‍යාල පුස්තකාලයයි. විශ්වවිද්‍යාලයේ මූලික කාර්ය වන අධ්‍යාපනය, පර්යේෂණය, ප්‍රකාශනය හා සංරක්ෂණයට විශ්ව විද්‍යාල පුස්තකාලය විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය‍යේ සමහර විශ්ව විද්‍යාල පුස්තකාල ජාතික පුස්තකාල හා සම මට්ටමේ ග්‍රන්ථ සම්භාරයකට හිමිකම් කියයි.

විශ්වවිද්‍යාල පුස්තකාලයේ පාඨක ප්‍රජාව නිශ්චිත පිරිසකි. විද්‍යාර්ථීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැනි පිරිස්ය. එහෙයින් මෙහි එකතුව, වැඩසටහන් එකී පිරිසට ගැලපෙන අයුරින් සකස් කළ යුතුය.

පාසල් පුස්තකාලය

පාසලක් යනු සිසුවාට විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය ලබා දී එම සිසුවා තුළ ප්‍රජානන ක්ෂේත්‍රයක්, මනොචාලක ක්ෂේත්‍රයත් ආවේදන ක්ෂේත්‍රයත් වර්ධනය වන දැනුමෙන් කුෂලතාවන්ගෙන් ආකල්ප වලින් පරිපූර්ණ වූ මානව හිතවාදි පුද්ගලයෙකු දැයට දායාද කරන ස්ථානයකි. මෙම කාර්යය සිදු කිරීම සදහාත් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ත් පුස්තකාලයෙන්ද ලබා දෙන්නේ මහගු සේවයකි. පුස්තකාල යන සංකල්පය අතීතයේ පටන් භාවිතා වූයේ පාසල් ප්‍රජාවට පොත් බැහැර දීමත් ලබා ගැනීමත් යන කාර්යන් පමණි. නමුත් ඉගෙනුම් ක්‍රමවේදයන්ගේ ක්‍රමික දියුණුවත් සමග පුස්තකාලයේ කාර්යයන් හා ක්‍රියාවලියේ ද සුවිශේෂි වෙනසක් සිදු වී ඇත. මේ හේතුවෙන් සාම්ප්‍රදායිකව පැවති පුස්තකාල යන සංකල්පය වෙනුවට  ඉගෙනුම් ඉගැන්වීම් සිදුකරන ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් බවට වර්තමාන පුස්තකාල පරිවර්තනය වී ඇත.

1997 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව කොන්සල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් බවට ප්‍රවර්ධනය විය. එනම් පංතිකාමර විෂය ප්‍රවර්ධනය විය. එනම් පංතිකාමර විෂය නිර්දේශයට ගැලපෙන අයුරින් සමෝධානිකව තොරතුරු සපයා ගත යුතුය. ඒ අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහය පාසල් පුස්තකාලයෙන් ලැබිය යුතුය.

කෙසේ නමුත් වර්තමානය වන විට රටේ පවතින ඣඪෂෘ - 19 නම් භයානක තත්ත්වය හේතුවෙන් වර්තමානයේ පාසල් සියල්ලක්ම පාහේ වසා දමන ලදි. එම තත්ත්වය හමුවේ වුවද පරිශීලකයන්ට අඛණ්ඩව සේවාවක් සැපයීම සදහා පුස්තකාල විසින් අන්තර්ජාලය විධිමත්ව හා කාර්යක්ෂම ලෙස ළමුන්ට ලබා දීමට කටයුතු කළ යුතුය. පාසල් පුස්තකාල හරහා තම පුස්තකාලය භාවිතා කිරීමට උැඉ පිටුවක් නිර්මාණය කළ යුතුය. එසේම ඒ සදහා ධඡ්ක්‍ මාර්ගගත සුචීය ද අන්තර්ගත වන සේ නිර්මාණය කරන්නේ නම් සිසුන්ට නිවසේ සිට වුව තම පුස්තකාලයේ වෙබ් පිටුව ගවේශනය කිරීමෙන් මූලාශ්‍ර සදහා ප්‍රවේශ විය හැකිය. එසේම ්රැඛ සහ ධරැඛ සිසුන් සදහා අවශ්‍යය විභාග ප්‍රශ්නෝත්ත්‍ර , නිබන්ධන, සටහන් ආදිය ඡෘත්‍ හරහා ලබා දීමට සැලැස්විය හැකිය. මෙය ඉතාම ආරක්ෂිත ක්‍රමවේදයකි. මන්ද මෙම කොරෝනා වසන්ගතය හේතුවෙන් සංචරන සීමා කර ඇති නිසා අන්තර්ජාලය හරහා නිවසේ සිටම පුස්තකාලයේ සේවා ලබා ගත හැකි වේ. එසේම සිසුන්ට අත්‍යවශ්‍යය පොත්පත් පොත් ප්‍රකාශකයින් හරහා අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඉහත සදහන් කළ උැඉ පිටුව හරහා ලබ ාදිය හැකි ය. එසේම විභාග අපේක්ෂිත දරුවන් මූලික කරගෙන ඔවුන් සදහා ඨරදමච නිර්මාණය කර ඒ හරහා තොරතුරු බෙදා හැරීම කළ යුතු ය.

උදාහරණ :

1.Whatapp group

2. viber group

ආදිය ඒ සදහා පෙන්වා දිය හැකිය. ඒ හරහා විශාල කාර්යය භාර්යක් මෙම කාල වකවානුව තුළදි දරුවන්ට ලබා දිය හැකි වේ.

පාසල තුළ ඇති පුස්තකාල පාසල් පුස්තකාල ගණයට අයත් වේ. සෑම පාසලකම පුස්තකාලයක් පවතියි. 1-13 දක්වා ශ්‍රේණිවල සිසුන් පාදක කරගෙන එකතුව සංවිධානය කොට තිබේ.  මේය පොත් පත් පරිශීලනයට සිසුන් හුරු කිරීම පාසල් පුස්තකාලය මගින් සිදුකරයි. ශිෂ්‍යයන්ට අදාල විෂයානුබද්ධ පොත්පත්, සඟරා, නවකතා, කෙටිකතා, චරිතාපදාන ආදිය අන්තර්ගතවේ. ඊට අමතරව ශබ්දකෝෂ ද අන්තර්ගත වේ. එසේ ම ගුරුවරුන්, අනධ්‍යන සේවකයන් හා පාසල් සිසුන් මෙම පාසල් පුස්තකාලය භාවිතා කරයි.ඕනෑම පුස්තකාලක් පරිශීලනය කිරීමට අවශ්‍ය මුලික අධ්‍යාපනය මුලික අත්දැකිම පාසල් පුස්තකාලය මගින් ලබා ගනි.

පාසල් පුස්තකාලය පාසලේ ඇති අත්‍යවශ්‍ය අංගයකි.

පාසල් පුස්තකාලය මගින් සිදු කරනු ලබන සේවාවන් පහත පරිදි වේ.

 පාසල් සිසුන්ගේ විවිධ අවශ්‍යතා හා රුචිකත්වය යෝග්‍ය පොත් හා වාර සඟරා ආදී තොරතුරු මුලාශ්‍ර අයත් කර ගැනීම හා ඉදිරිපත් කිරීම

 සිසුන්ගේ කියවීම් පුරුද්ද නගාලීම.

 සිසුන්ගේ යාවජීව අධ්‍යාපනයට අවස්ථාව සැලසීම.

 තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන තොරතුරු මූලාශ්‍ර තෝරා ගැනීමේ නිපුණත්වයක් සිසුන්ට පාසල් පුස්තකාලයක් මගින් ලබා ගත හැකිය.

නූතන තාක්ෂණයේ දියුණුවත් සමග පාසල් පුස්තකාලද අන්තර්ජාල භාවිතයට නැඔුරු වී තිබේ.

මෙහිදි පාසල් පුස්තකාලයාධිපති විසින් එක් එක් ශ්‍රේණි වලට අදාල වු විවිධ පාඩම් ක්‍රියාකාරකම් හා එම පාඩම් වලට අදාළ වන විවිධ වීඩියෝ දර්ශන ආදී තොරතුරු ඉතාමත් ආකර්ශනීය ලෙස වෙනම ගොනු සාදා අදාල ශ්‍රේණි වල සිසුන්ට එම ගොනු වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමට අවකාශය සලසා දිය යුතුය.

මෙමගින් සිසුන්ට අමතර දැනුම සපයා ගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක තම පුස්තකාල වෙබ් අඩවියට පිවිසීම මගින් තොරතුරු බාගත කිරීමේ හැකියාව පවතී.

පාසල් පුස්තකාල අන්තර්ජාලය භාවිතා කිරීම මගින් සිසුන්ට නවතම තොරතුරු පාසල් පුස්තකාල වෙබ් හැකියාව මගින් ලබා ගැනීමට හැකියාව පවතී.

3.විශේෂ පුස්තකාලය

විශේෂ පුස්තකාල යනු කිසියම් වූ නිශ්චිත විෂයක් හෝ විෂයන් කිහිපයක් අරභයා පමණක් අවධානය යොමු කරමින් තම පුස්තකාල එකතුව සංවර්ධනයනය කිරීමයි.

නිදසුන් ලෙස - බැංකු පුස්තකාල

බැංකු පුස්තකාලයක මුලික වශයෙන් බැංකුකරණ හා ඊට අදාළ විෂයන් යටතේත් තොරතුරු අන්තර්ගත වේ.විශේෂ පුස්තකාලයක මවු ආයතනය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් සමිතියක් වැනි ආයතනයක් වේ.

විශේෂ පුස්තකාල මගින් සපයනු ලබන සේවා ලෙස,

 ලේඛණ නිකුත් කිරීම

 වාර සඟරා

 අන්තර් පුස්තකාල පිරුළු සේවාව

 වරණිය විඥාපන පරිවපනය

 පුස්තකාල තොරතුරු මාර්ග විවෘත කිරීම

 පරිවර්තන සේවා / පර්‍යේෂණ සේවා

 ග්‍රන්ථ නාමාවලි සේවා

විශේෂ පුස්තකාලයක වාර සඟරා අතිනත යැවීම තොරතුරු ලබාදීමේ එක් වැදගත් ක්‍රමවේදයකි. නුතනය වන විට විශේෂ පුස්තකාල බොහොමයක් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පාඨකයා වෙත තොරතුරු ලබා දීමට කටයුතු කර තිබේ.බොහෝ විශේෂ පුස්තකාල වාර සඟරා ග්‍රන්ථ ආදිය අනුක්‍රමණිකා ගතව පිළිවෙලකට සකස් කර එය කිසියම් මෘදුකාංගයක් මගින් භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ පාඨකයාට මෙම තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවකාශය ලබාදිය හැකිය.

තවද, විශේෂ පුස්තකාලය සාමාජික සංඛ්‍යාව මහජන පුස්තකාලයට වඩා සීමිත වේ. එනම් සංසන්ධනයකර බැලීමේදි පුස්තකාලයක සාමාජික සංඛ්‍යාව ඉතා අඩුය. එබැවින් සාමාජික තොරතුරු පරිගණක ගත කිරීමටද පහසුය. අන්තර්ජාල සේවාව මගින් පුස්තකාලයේ සේවක මණ්ඩලය වෙත පාඨකයින්ගේ තොරතුරු අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවති.

විශේෂ පුස්තකාල ලෙෂ හදුන්වනු ලබන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අනෙකුත් තදානඅබද්ධ ආයතනයක් කේන්ද්‍ර කොට ආරම්භ කරන ලද පුස්තකාලයකි. වර්ෂ 1925 දී ආරම්භ කරන ලද තේ පර්යේෂණ ආයතන පුස්තකාලය හා 1950 දී පිහිටුවන ලද මහ බැංකුවේ ආර්ථික පර්යේෂන පුස්තකාලය මේ සදහා උදාහරණ ලෙෂ දැක්විය හැකිය. අදවන විට විශේෂ පුස්තකාල බොහෝ ප්‍රමාණයක් තිබෙන අතර විෂය විශේෂිව මෙම පුස්තකාලය පිහිටුවා ඇත.

එසේ ම පුස්තකාලවල වරණීය විඥාපන සේවය, සම්ප්‍රජානන සේවය, විමර්ශණ සේවය ආදි වූ සේවාවන් ක්‍රියාත්මක වේ. නමුත් මෙම covid - 19 තත්ත්වය හමුවේ මෙම විශේෂ පුස්තකාල ද වසා තැබිම හේතුවෙන් පරිශීලකයන්ට සේවාව ලබා දීමට හැකියාව නොමැති වී තිබේ. නමුත් අන්තර්ජාලය භාවිතා කර පරිශීලකයන්ට උපරිම සේවාවක් ලබා දීම සදහා අන්තර්ජාලය මගින් විවිධ ක්‍රමවේදයන් සම්පාදනය කළ යතු ය.

1.පුස්තකාල web පිටුව හරහා නිවසේ සිටම අවශ්‍යය මූලාශ්‍ර download කර ගැනීම සදහා අවස්ථාව ලබා දීම

2.e - book, e- journal පරිහරණය සදහා පරිශීලකයන් යොමු කිරීම

3.සමාජ මාධ්‍යය හරහා තොරතුරු බෙදා හැරීම

FaceBook,intergram,Instant messages ( viber, whatapp)

4.අදාල විශේෂ පුස්තකාලයේ ඊකදට එක හරහා අවශ්‍යය දැනුම ලබා දීමට කටයුතු කිරීම

5.මෙම පුස්තකාලය සදහාම Wikipedia page නිර්මාණය කොට ඒ මගින් පරිශීලකයන්ට අදාල අධ්‍යයන පර්යේෂණ සදහා තොරතුරු ලබා ගැනීමට සැලැස්වීම

6.ඇදිරිනීතිය දින කිහිපයකට හෝ ඉවත් කළහොත් එම ලද අවස්ථාවෙන් පාඨකයන්ගේ නිවසටම ගොස් පොත් ලබා දීමට ජංගම පුස්තකාල සේවාවක් ක්‍රියාත්මක කිරීම

7.Emarald, ebesco ආදි අන්තර්ජාල මූලාශ්‍ර පිළිබද දැනුවත් කර ඒවා භාවිතා කිරීම සදහා යොමු කිරීම.

ආදි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් පුස්තකාලය වසා තබියදී වුවද විශේෂ පුස්තකාල පරිශිලකයන් හට ලබා දීමේ හැකියාව ඇත.

4.ජාතික පුස්තකාලය

ජාතික පුස්තකාලයක අරමුණ පිළිබඳ මනා විවරණයක් කොළඔ මහජන පුස්තකාලය පිළිබඳ පත් කරන ලද පී.කන්දයියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාවේ ඇතුළත් වේ. ,ජාතික පුස්තකාලය මුලු ජාතියේම ඉතිහාසය සංස්කෘතිය සහ අනෙකුත් ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඇතුළත් විවිධ අන්දමේ වාර්තා එක්රුස් කොට ආරක්ෂා කරන ස්ථානය වේ.,

■ ජාතික පුස්තකාලය ලෝකයේ ඥාන සම්භාරය ඇතුළත් මුඳිත මාධ්‍ය සිතුවම් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එක්රුස් කරන කෝෂ්ධාගාරයක් වේ.

■ ලෝකයේ සෑම ප්‍රදේශයකම ජීවත්වන මනුෂ්‍යයන්ගේ උසස් නිර්මාණ සහ ජයග්‍රහණයන් පිළිබඳ තොරතුරු ජාතික පුස්තකාලයෙන් ලබා ගත හැකි විය වේ.

■ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතනවලට පිටස්තරව විවිධ අංශ පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට ජාතික පුස්තකාලය පත් විය යුතුය.

■ ග්‍රන්ථ නාමාවලී සේවා සැපයීම මගින් එය රටේ ම පුස්තකාල සේවාවන් සංවර්ධනය කිරීමේ සහ මඟ පෙන්විමේ ආයතනය වේ.

■ මෙය කර්තෘවරුන් සහ ප්‍රකාශකයන්ට මඟ පෙන්වන සහ ආධාර කරන ආයතනයක් වේ.

■ මීට අමතරව, ජාතික වශයෙන් ලංකාවේ පළවන සෑම ප්‍රකාශනයක ම පිටපතක් ජාතික පුස්තකාලයට ලැබීය යුතු බවත්, මෙම ග්‍රන්ථ හොඳින් සංවිධානය කොට වර්තමානය සහ අනාගතය සඳහා ආරක්ෂා කර තැබිය යුතුය.

ජාතික පුස්තකාලයක සමීපතම අරමුණු වන්නේ ජාතික සාහිත්‍යය හා රටට වැදගත් විදේශීය තොරතුරු මාධ්‍ය ද ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සංවිධානයත් අනාගත පරපුර සඳහා සංරක්ෂණය කර තැබීමත් ය.තව ද ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය හා ප්‍රලේඛන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම ද එහි ප්‍රධාන අරමුණු වේ.

එහි අවසාන අරමුණු විය යුත්තේ රටේ පුස්තකාල පද්ධතියට නායකත්වය සැපයීමයි. මෙහි දී කෝබට් විසින් උපුටා දක්වන ලද බිතා්‍රන්‍ය පුස්තකාලයේ ප්‍රධාන විධායක නිලධාර්යාගේ පහත ප්‍රකාශය සැලකීම වැදගත් ය.

බි්‍රතාන්‍ය ජාතික පුස්තකාල සේවාවේ මුලික අරමුණ වන්නේ ලැබෙන සම්පත්වලට අනුව රටේ ඇති පුස්තකාල හා විඥාපන සේවා සියල්ල මඟින් අවශ්‍ය තොරතුරු සම්පත් එක්රැස් කිරීම හා සංවිධානයත් ඒවාට ඉක්මන් ප්‍රවේශය සැලසීමත් සහ ඒවා උපරිම ඵලදායිතාවෙන් යුතු ව භාවිතා වන අන්දමට වඩාත් ප්‍රයෝජනවත් අයුරින් පාධකයාට ඉදිරිපත් කිරිමත් ය.(කෝබට්)

මෙයින් පැහැදිලි වන්නේ ජාතික පුස්තකාලයක නියම කාර්යභාර්ය එහි ගොඩනැඟිලි සීමාවලින් පිටතට ගොස් මුලු රටේ ම පුස්තකාලවලට නායකත්වය සැපයීම තෙක් ව්‍යාප්ත විය යුතු බවයි. මේ අවසාන අරමුණ කරා ළඟා වීමට නම් පළමුව ජාතික  පුස්තකාලය මනාව සංවිධානය කර එහි මූලික අරමුණු මැනවින් ඉටු කිරීම තුළින් එය අනෙකුත් පුස්තකාල නායකත්වයට සුදුසු තත්වයක් ඇති කර ගැනීමේ අත්‍යවශ්‍යය.

ඉහත සදහන් කැරණු වලින් ජාතික පුස්තකාලයක් යනු කුමක්ද සහ එහි අරමුණු කවරේද යන්න සදහන් වේ.

ජාතික පුස්කාලයක් මගින් සිදුකරනු ලබන සේවාවන් වන්නේ,

■ රජයේ පුස්තකාල වල පුලුල් එකතුවක් පවත්වාගෙන යාම.

■ විදේශීය ග්‍රන්ථ එකතුවක් පවත්වාගෙන යාම.

■ ජාතික ග්‍රන්ථනාමාවලිය ප්‍රකාශයට පත් කිරිම.

■ සුචීන් ප්‍රකාශයට පත් කිරීම.

■ ප්‍රදර්ශන පැවැත්වීම.

■ අන්තර් පුස්තකාල පිරුළු සේවාවන් පවත්වාගෙන යාම.

■ අප්‍රකාශීත අත් පිටපත් තැන්පතුවක් පවත්වාගෙන යාම.

■ පුස්තකාල ක්‍රමවේද පිළිබද පර්යේෂණ පැවැත්වීම.

■ අන්තර් පුස්තකාල හුවමාරු සේවා.

■ අතිරේක පිටපත් බෙදා හැරීම.

■ අන්ධයින් සදහා පොත් සැපයීම.

■ පුස්තකාල විද්‍යා අභ්‍යාස පාඨමාලා පවත්වාගෙන යාම.

■ අනිකුත් පුස්තකාල සදහා ආධාර කිරීම.

■ ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය.

■ ජාතික ග්‍රන්ථ විඥාපන මධ්‍යස්ථානය ලෙෂ කටයුතු කිරීම.

■ දේශිය පුස්තකාලවලට නායකත්වය සැපයීම.

මීට අමතරව පුළුල් සේවා සම්භාරයක් ජාතික පුස්තකාලය මගින් ඉටු කරනු ලබයි.

ජාතික පුස්තකාලය මගින් මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් නොව විද්‍යුත් මාධ්‍ය මගින් අන්තර්ජාලය ඔස්සේද පාඨකයාට සේවය සපයනු ලබයි.

    Covid 19 කාලයේ ජාතික පුස්තකාල මඟින් ඉටුකරන සේවා

1480 ප්‍රංශයේ රාජකීය පුස්තකාලය ආරම්භ වීමත් සමඟම ලෝකයට උරුම වූ ජාතික පුස්තකාල යනු ඕනෑම රටක ජාතික සාහිත්‍යයේ මහා මතක ගබඩාව ලෙස නම් කළ හැකිය.පාඨකයා හට උපකාර කිරීමේ අරමුණින් මෙවන් ව්‍යසන සමයක වුවද ජාතික පුස්තකාල වලින් ඉටුවිය යුතු සේවා නොපිරි හෙලා පහත ආකාරයට ඉටු කරනු ලබයි.

පාඨකයාට අවශ්‍ය සම්පත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබාදීමට කටයුතු කරයි.නිදසුනක් ලෙස ශ්‍රි ලංකා ජාතික පුස්තකාලය මඟින් පහත දැෑ ලබා දේ.

■ රටවල් 68කට වැඩි ගණනක විවිධ භාෂා 20කට වැඩි ගණනක වාර සඟරා 440 කට අධික සංඛ්‍යාවක් අඩංගු LIbrary and Information Abstract

■ නවතම පනත්,ඒකාබද්ධ ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති,සංශෝධන පනත්,නව නීති වාර්තා,ශ්‍රි ලංකා නීති වාර්තා සම්පූර්ණ පෙළ අන්තර්ගතයන් සපයන මාර්ගගත දත්ත ගබඩාවක් වන ·      Law lanka

·      E-books,E-Journals,E-Newspapers,Government publication,I mages,Audio files,Video files,Digital manuscripts,Web resources and content Archive,Databases

  ඊට අමතරව ලෝකයේ තිබෙන ජාතික පුස්තකාල හා ඒ ආශ්‍රිත ආයතන සමඟ පොත් හුවමාරු කිරීමද සිදු කරනු ලබයි.එයට නිදසුන් ලෙස චීන ජාතික පුස්තකාලය,කොරියා ජාතික පුස්තකාලය,සිංගප්පූරු ජාතික පුස්තකාලය ආදියද මෙරට පොත් හුවමාරු කරන ආයතන කිහිපයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය,කොළඹ විශ්ව විද්‍යාලය,කැලණිය විශ්ව විද්‍යාලය ආදිය පෙන්වා දිය හැකිය.

  තවත් නිදසුනක් ලෙස සිංගප්පූරු ජාතික පුස්තකාලය ගත්විට tys E-books, Audio book,E-newspapers,E-Journals,E-learning,E-databases,E-report,E- Yearbook,Newspaper SG,Book SG ජාතික කලා ගබඩාව ආදිය ඇතුළත් වේ. මෙම සේවාවන් https://www.nlb.gov.sg iy NLB mobile service මඟින්අඛණ්ඩව ලබා දේ.තවත් ජාතික පුස්තකාලයක් ලෙස වේල්ස් ජාතික පුස්තකාලය ගතහොත් වේල්ස් න්‍දමරබ්කි ල වේල්ස් බැඅිච්චැරි ල වේල්ස් චරිතාපදාන , සිම්රූ , නාමාවලි , අත්පිටපත් , වාර්ෂික වාර්තා , නිබන්ධන , ආදිය ලබා දේ.මෙහි වේල්ස් බැඅිච්චැරි තුළ ලිපි මිලියන 15ක් හා පිටු මිලියන 1.1ක් ද චරිතාපදාන 5000කට අධික ප්‍රමාණයක්ද පශ්චාත් නිබන්ධන 50,000ක්ද තිබේ.

     කොරියානු ජාතික පුස්තකාලය ගත්විට තොරතුරු මාර්ගගතව ලබාදීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩිය.අනෙකුත් සෑම පුස්තකාලයක් ගත්විට මාර්ගගතව තොරතුරු ලබාදීමේ ප්‍රවණතාව 12% සිට 86% දක්වා වර්ධනය වීමක් ලෙස පෙන්වා දිය හැකිය.

      ස්පාඤ්ඤ ජාතික පුස්තකාලය ඩිජිටල් අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.මොරොක්කෝ ජාතික පුස්තකාලය නොමිලයේ ෑ-ඉදදනි ලබා දේ. පෘතුගාල ජාතික පුස්තකාලය ජංගම උපාංගවලින් ඩිජිටල් සේවා මුද්‍රණය කිරීම දිරිමත් කිරීම සිදු කරයි.ඉන්දියානු ජාතික පුස්තකාලයද ඩිජිටල් සම්පත් සංවිධානය කිරීමු සිදු කරයි.

:විවිධ ජංගම යෙදුම් හරහා ඩිජිටල් පුස්තකාල සේවා සැපපයීම

        නිදසුනක් ලෙස ඉන්සුනීසියා ජාතික පුස්තකාලය මෙයට ගත හැකිය.මෙම පුස්තකාලය ඩිජිටල් පුස්තකාල සේවා සැපයීම සඳහා සඡමිබ්ි භාවිතා කරයි. සඡමිබ්ි යනු ිප්රඑ චයදබැ හෝ ෘැිනඑදච සඳහා ඩිජිටල් පුස්තකාල යෙදුමකි.ෑ-ඉදදනි මාතෘකා 40,000කට වඩා මෙහි තිබේ.මෙම යෙදුම මඟින් පරිශීලකයින් හට දින 7ක් සඳහා පොත් 1-3 ක් ණයට ගැනීමට ඉඩ දෙයි.

පාසල් අධ්‍යාපනය සඳහා සහය වේ.

           නිදසුනක් ලෙස නවසීලන්ත ජාතික පුස්තකාලය ගතහොත් පාසල් පුස්තකාලයාධිපතිවරුන්,ගුරුවරුන් සහ සිසුන් සඳහා තොරතුරු හා සම්පත් රාශියක් ලබා දේ.ඉගැන්වීම් සහ ඉගෙනුම් සම්පත් අතර සබැඳි ඉගැන්වීම් සහ ඉගෙනුම් සම්පත්,මෙවලම් සහ මාර්ගෝපදේශ ඇතුළත් වේ.ඒ සඳහා ඔවුන් ඔදචසජ ැංචකදරුරලජමරසදිසඑහ ජ්රාි දෙර සබුමසරහලැචසජ ආදිය යොදා ගනියි. ඔදචසජ ැංචකදරුර හි විෂය මාලා හරහා විවිධ මාතෘකා මත ගුණාත්මක , සංක්ෂිප්ත සම්පත් සමූහයක් ඇත.වෘත්තීමය වශයෙන් ඉගෙනුම් සඳහා උදව් කරනු ලබයි.එසේම නවසීලන්තයේ ළමුන්ට ඔවුන්ගේ පුස්තකාල ප්‍රශ්න විමසීමට සතියේ දිනවල සවස 1 සිට 6 දක්වා මාර්ගගත ආකාරයට ජය්එ කිරීමට අවස්ථාව දී ඇත.

         ටි්‍රනිඩෑඞ් සහ ටොබැගෝ ජාතික පුස්තකාලයේ තොරතුරු සේවයේ අධ්‍යාපන අංශය ප්‍රාථමික හා ද්විතියික පාසල් පාඨමාලා සඳහා ඩිජිටල් සම්පත් රාශියක් නිර්මාණය කර ඇත.

:4*ග   නිවසේ සිට පර්යේෂණ කිරීමට උපකාර කිරීම

              නවසීලන්ත ජාතික පුස්තකාලය ඒ සඳහා කදිම නිදසුනකි.පරිශී ලකයාට ඇති වූ ගැටලුව ඔවුන් වෙත යැවූ පසුව එය ආරම්භ කරන්නේ කෙසේද,අවශ්‍ය තොරතුරු සෙවිය යුත්තේ කොතැනද,වෙනත් සංවිධානවලට උදව් කළ හැකි දේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබේ.තොරතුරු සොයා ගැනීමට ජාතික පුස්තකාල නාමාවලිය හා ඇලෙක්සැන්ඩර් ටර්න්බුල් පුස්තකාල නාමාවලිය උපකාර කරයි.පර්යේෂණ කටයුතුවලට අදාළ වන ඩිජිටල්කරණය කරන ලද පුවත්පත්,සඟරා,දිනපොත්,පාර්ලිමේන්තු පත්‍රිකා බූලියන් සෙවුම් සහ ශීල්පීය ක්‍රම යොදා ගනිමින් සොයා ගත හැකිය.

   

:05*ග    මාර්ගගත යොමු සේවා

               නවසීලන්ත ජාතික පුස්තකාලය මඟින් අඅඅගචැරචමිබ්ිගටදගසා

හි “ පුස්තකාලයාධිපතිවරයෙකුගෙන් විමසන්න ” විශේෂාංගය හරහා සබැඳි යොමු සේවාවක් වන අතථ්‍ය යොමු සේවාව භාවිත කරන්නන්ට භාවිතා කළ හැකිය. මෙම විමර්ශන සේවාව මඟින් පරිශීලකයා සහ විමර්ශන පුස්තකාල යාධිපති සමඟ සබැඳිව සාකච්ඡා කිරීමට ඉඩ සලසන වඩාත් අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබාදෙයි.

         

   

      අරුබාහි ජාතික පුස්තකාලය මඟින් පරිශීලකයන් හට ෑ-ඛැබාසබට සේවාවක් ලන්දේසි භාෂාවෙන් ලබා දේ.

:06*ග    පුස්තකාලයාධිපතිවරුන් විසින් ලබාදෙන සේවා

                   ඇතැම් ජාතික පුස්තකාල නිල වෙබ් අඩවිය හරහා පුස්තකාලයාධිපතිවරුන් සමඟ කතාබස් කිරීමට පරිශීලකයන්ට ඉඩ සලසයි.මෙය යොමුගත සේවාවට වඩා වෙනස් වේ.ලියාපදිංචිය,විද්්‍යුත් සම්පත් භාවිතා කරන්නේ කෙසේද, යන්න වැනි සියලුම මාර්ගගත පුස්තකාල සේවා භාවිතා කිරීමට පුස්තකාලයාධිපතිවරයාට පරිශීලකයින්ට උදව් කළ හැකිය. මෙයට නිදසුන් ලෙස නවසීලන්ත පුස්තකාලය පෙන්වා දිය හැකිය.


 

             

                     

:07*ග     සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් සේවා සැපයීම

                 මැලේසියා ජාතික පුස්තකාලය ගත් විට ඔවුනගේ ඩිජිටල් පුස්තකාලය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රවර්ධනය කර තිබේ.ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ඔවුනගේ සේවා ප්‍රචරය කිරීම සඳහා ත්‍්ජැඉදදනලඔඅසඑඑැලශදමඑමඉැ

ආදිය යොදාගනී.මීට අමතරව ජාතික පුස්තකාලයේ ලියාපදිංචි වී ඇති පාඨකයන් හට ඔවුනගේ ජංගම දුරකථන වෙත පුස්තකාලය මඟින් ගනු ලබන තීරණ ීඵී මාර්ගයෙන් එවනු ලැබේ.

    නෝර්වේ ජාතික පුස්තකාලය චරදාජ්ිඑසබට වෙත පිවිසීමට පරිශීලකයින් දිරිමත් කරයි.

         ලක්සම්බර්ග් ජාතික පුස්තකාලය සාමාන්‍ය හැදුනුම්පත් පරීක්ෂාවකින් තොරව මාස 3ක කාලයක් විද්්‍යුත් තැපෑලෙන් පුස්තකාල කාඞ්පතක් ලබාගැනීමට ඉඩ ලබා දේ.

     සිංගප්පූරු ජාතික පුස්තකාලයෙන් අවශ්‍ය තොරතුරු ෂබකඉිසබට්චදරු යන්නෙන් හෝ ැබුමසරහ?බකඉගටදඩගිට තුළින් ලබාගත හැකිය.

     නවසීලන්ත ජාතික පුස්තකාලයද ෂබිඒටර්පලඔඅසඑඑැරලඋය්එි්චචල ත්‍්ජැඉදදනලශදමඑමඉැලඡැරිදබ්ක ඉකදට මඟින් තොරතුරු ලබා දීමට කටයුතු කරනු ලබයි.


                       

:08*ග     මාර්ගගත ආකාරයෙන් වැඩසටහන් පැවැත්වීම

               කොරෝනා වසංගතය හමුවේ ඇතැම් ජාතික පුස්තකාල විවිධ වැඩසටහන් මාර්ගගත ආකාරයෙන් ලබාදීමට කටයුතු කරනු ඇත.එයට කදිම නිදසුනක් ලෙස අප රටෙන්ද ලැබේ.මෙරට ජාතික පුස්තකාලය පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සම්ාම්ලනය සමඟ එක්ව නිපුණතා සංවර්ධන වැඩ සටහනක් පවත්වයි.එය දේශීය සංවිධාන,පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන , අධ්‍යාපන ආයතන සහ සේවා යෝජකයින් සමඟ එක්ව නිපුණතා හා වෘත්තීය සංවර්ධන පාඨමාලා මාර්ගගත ඉගෙනුම් වේදිකාවකි.

          ස්පාඤ්ඤ ජාතික පුස්තකාලය සතිපතා ප්‍රසංග අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වේ.

        ජැමයිකා ජාතික පුස්තකාලය සිසුන්ට අඛණ්ඩව විභාග කිරීමට හා විභාග සමත් වීමට උපකාර කිරීම සඳහා වැඩසටහන් ස්ථාපිත කරයි.

        ප්‍රංශ ජාතික පුස්තකාලය,කොන්ග්‍රස් පුස්තකාපය වැනි පුස්තකාල අ                                                                                                                                                                                        තථ්‍ය ප්‍රදර්ශන පවත්වයි.

        හන්ගේරියා ජාතික පුස්තකාලය ජනප්‍රිය විද්‍යාව ඉගෙනීම පිළිබඳ ඩසාැද නිෂ්පාදනය කරමින් සිටී.

         සිංගප්පූරු ජාතික පුස්තකාලය සිය එකතුව එකතු කරගනිමින් අතීත වසංගත පිළිබඳ ප්‍රදර්ශන පවත්වයි.

          වේල්ස් ජාතික පුස්තකාලය පාඨකයින් සතු අත්දැකීම් ඩසාැදලපටිගත කිරීම්,පින්තූර මඟින් බෙදාගැනීමේ අවස්ථාව ලබා දී ඇත.ඒවා සමාජ මාධ්‍යයේ ප්‍රකාශයට පත් කරනු ලබයි.

:09*ග     කාර්යය මණ්ඩලය සඳහා සහයෝගීතා වර්ධනය කිරීමේ සේවා

                ට්‍රිනිඩෑඞ් සහ ටොබැගෝ ජාතික පුස්තකාලය විසින් කාර්යය මණ්ඩලය අතර සහයෝගීතා ක්‍රියාකාරකම් සහ චිත්ත ධෛර්ය වැඩිකිරීම ආදියට සහය දෙනු ලබයි.

            චීනයේ ජාතික පුස්තකාලය රට පුරා පුස්තකාල සහ පුස්තකාලයාධිපතිවරුන් හට ආධාර සපයයි.

:10*ග      ආබාධිත අය සඳහා සේවා සැපයීම

               කැලිෆෝනියා ජාතික පුස්තකාලය ඒ සඳහා පු`ඵල් සහයක් ලබාදෙන බව මැනවින් ගම්‍ය වේ.ඔවුන්ට බාගත කළ හැකි ඉලෙක්ට්‍රොනික බ්‍රේල් සහ පෙළ කථන ශ්‍රව්‍ය පොත් ඊදදනිය්රුගදරට මඟින් අවස්ථාව ලබා දී ඇත.

මීට අමතරව ලිතුවේනියා ජාතික පුස්තකාලය රට පුරා මහජන පුස්තකාලවල පුද්ගලික ආරක්ෂක උපකරණ මුද්‍රණය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රොබෝ විද්‍යාව පිළිබඳ පාසල සමඟ පටයුතු කරයි.

       මේ ආකාරයට ජාතික පුස්තකාල මඟින් වසංගත කාල සමයේදී ඉටු කරන සේවා පිළිබඳව පෙන්වා දිය හැකිය.

ආශ්‍රිත මූලාශ්‍ර

අඅඅගබ්එකසඉගකන

යඑඑචිථරැරැඅඅඅගකසඉර්රහගඅ්කැිරැ්ඉදමඑ-බකඅරැඅදරන-අසඑය-මි

යඑඑචිථරැරැඅඅඅගසකේගදරටරැජදඩසා-19-්බා-කසඉර්රසැි

යඑඑචිථරැරැඅඅඅගසකේගදරටරැබදාැරැ93040

යඑඑචිථරැරැබ්එකසඉගටදඩඑගබ‘රැ්ඉදමඑ-මිරැජදඩසා-19-ජදරදබ්ඩසරමි-මචා්එැ

යඑඑචිථරැරැකසඉර්රහගජ්ගටදඩරැජදඩසා-19

යඑඑචිථරැරැඅඅඅගf්ජැඉදදනගජදපරැබකඉිසබට්චදරු

      topic 8


ඇතිවිය හැකි ගැටලු හා විසදුම්

වර්තමානයේ ලෝකයේ ඇතිවි තිබෙන රෝග තත්වය හමුවේ පුස්තකාල කේෂ්ත්‍රය පාඨයන්ට අඛණ්ඩ හා කාර්යක්ෂම සේවාවක් සැපයීම සදහා අන්තර්ජාලය භාවිතා කරයි- මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුලින් ඇතිවිය හැකි ගැටලු විවිධ වේ- එහිදී පුස්තකාල වර්ගීකරණය කර සලකා බැලීමේ දී අන්තර්ජාලය භාවිතය නිසා මහජන පුස්තකාල මුහුන දෙන ගැටලු ලෙස,

අධ්‍යන පාඨකයින්ට අධ්‍යන කටයුතු මගහැරීම

පාඨකයන් පුස්තකාලයේ මුද්‍රිත ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් විම

සෑම තොරතුරක්ම අන්තර්ජාලය ආශ්‍රයෙන් පාඨකයාට ලබ ාදිය නොහැකි විම

අන්තර්ජාල පහසුකම් ලබා දීමට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නොමැති විම

■ මෙම ගැටලු සදහා ලබාදිය හැකි විසදුම් ලෙස

සෑම පාඨකයෙකුටම අන්තර්ජාලය භාවිතය සදහා යම් සීමාවන් පැනවිම

අධ්‍යන පාඨකයින් සදහා අන්තර්ජාල භාවිතයට පුස්තකාල සේවකයෙකු යටලේ අවස්ථාව ලබා දීම

අරමුදලක් පවත්වා ගැනීම

මාස කිහිපයකට වරක් හෝ පුස්තකාලයට පැමිනිම අනිවාර්ය කිරීම

 අධ්‍යන හා පාසල් පුස්තකාලයන් වල ඇතිවන ගැටලු

පරිශිලකයන් ගණන ප්‍රමාණයෙන් වැඩි නිසා අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවිම

පාසල් පාඨක ප්‍රජාව අධ්‍යන කටයුතු මගහැරවා ගැනීම

මූල්‍යමය  පහසුකම් හිග භව

■ විසදුම්

පාසල් පුස්තකාල තුල අන්තර්ජාල භාවිතය සීමා කිරීම හා අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය මූලාශ්‍ර පමනක් ප්‍රවේශ විමට අවස්ථාව ලබා දීම

අධ්‍යන පුස්තකාල සදහා පහසුකම් පුළුල් කිරීම

 ජාතික පුස්තකාල සදහා ඇතිවිය හැක් ගැටලු හා විසදුම්

මුද්‍රිත මූලාශ්‍ර අන්තර්ජාල ගත කිරීමේ අපහසුව

විශාල පරිශීලක පිරිසක් භාවිතා කිරීමේ දී ඇතිවන තාක්ෂණික දෝෂ

පාඨකයන් පුස්තකාලයට ප්‍රවිශ්ට විම සීමා විම

අන්තර්ජාලය ආශයෙන් යම් යම් පාඨක ක්‍රියාකාරකම් සිදු කිරීමේ අපහසුව

■ විසදුම්

යම් කාලසීමාවකට වරක් හෝ පුස්තකාලයට පැමිනිම අනිවර්ය කිරීම

ප්‍රමානවත් තරම් අන්තර්ජාල පහසුකම් ලබා දීම

පාඨකයන් පුස්තකාලයට ප්‍රවිශ්ට විම වැඩි කිරීමට ක්‍රියාකාරකම් සංවිධානය කිරීම


 සාරාංශ

ලෝකය පුරා ව්‍යාප්ත වි ඇති ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයක සිට ප්‍රවේශ විය හැකි එකිනෙකට සම්බන්ධ වූ පරිගණක ජාලය අන්තර්ජාලය ලෙස නම් කල හැකිය- අතීතයේ සිහිනයක්ව පැවත් මෙම සංකල්පය අද වන විට යථාර්තයක් බවට පත්ව ඇත-වර්තමානය තුල අන්තර්ජාලය යනු මිනිසා සමග එකිනෙකට බැදුනු සංකල්පයකි-

අන්තර්ජාලය මිනිසාට සේවා සපයන දෙයකි- පුද්ගලයන් වෙන් වෙන්ව හා සමස්තයක් ලෙෂ සමාජයේම කටයුතු සිදු කිරීමට අන්තර්ජාලය භාවිත වේ- මේ සදහා කදිම නිදසුනක් ලෙස 2020 වර්ශයේ ලෝකයට බලපානු ලැබූ රෝග තත්වය සහිත කාලය තුල සමාජ දුරස්ථ භාවය, ආරක්ෂාව, සහයෝගය ආදී සියලු සංකල්ප පවත්වා ගනු ලැබූ ආකාරය- මෙම අසීරු කාලය තුල සියලු කාර්යන් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට අන්තර්ජාලය උපයෝගී කරගත් බව හදුනා ගත හැකිය- එහිදී සමාජයට විශාල සේවාවක් සපයන ආයතනයක් ලෙෂ පුස්තකාලය හදුන්වා දිය හැකිය- පුස්තකාල ක්ෂේත්‍රය පුද්ගල දැනුම වර්ධනය කිරීමේ කාර්යට අමතරව බලපානු ලැබූ රෝග තත්වය හමුවේ පුද්ගල මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට ද බෝහෝ කාර්යන් සිදු කරනු ලැබුනි- ඒ සදහා නිදසුන් ලෙස ශ්‍රි ලංකා ජාතික පුස්තකාලය මගින් පාසල් මට්ටමෙන් ආරම්භ කරනු ලැබූ පොත් දහසක් ලිවිමේ වැඩසටහන වැදගත් වේ- මෙම ජාතික ක්‍රියාන්විතයට අමතරව පුස්තකාල වර්ග එනම් ජාතික පුස්තකාලය, මහජන පුස්තකාල,පාසල් පුස්තකාල,අධ්‍යන පුස්තකාල ආදී  පුස්තකාල ප්‍රභේද වශයෙන් වශයෙන් අන්තර්ජාල ආශ්‍රයෙන් කරනු ලැබූ කාර්යයන් රාශියකි- එමෙන්න මෙම ජදඩසා 19 රෝග තත්වය තුල දී අන්තර්ජාලය ආශ්‍රයෙන් කටයුතු කිරීමේ දී ඇතිවිය හැකි ගැටලු රැසක්ද හදුනා ගනු ලැබුනි- එමගින් ඉදිරියේදී අන්තර්ජාල ආශ්‍රයෙන් පුස්තකාල කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙනු ඇත- ඕනෑම අවස්ථාවක අන්තර්ජාලය පුස්තකාල ක්ෂේත්‍රය සදහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ-

ඉහත කරුණු සියල්ල සලකා බැලීමේ දී කොරෝනා සමය තුළ පුස්තකාල කේෂ්්‍රය මුහුණ දුන් අභියෝගයක්  වූ පරිශීලකයින්ට අඛණ්ඩ සේවාවක් සැපයීම සදහා  අන්තර්ජාලය භාවිතයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගපිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ-