.ලෝකය සහ සිත.. ලෝකය සහ සිත ගැන කතා කරන්න කලින් අපි මේ ලෝකයේ පවතින කය හා හිත ගැන බෞද්ධ මතය ගැන පුංචි අදහසක් ඇති කරගන්න එක 'හොඳයි කියල මම හිතනවා. මේ ගැන එදා විතරක් නෙවෙයි අදත් දාර්ශනික මත සමාජයට ඉදිරිපත් වෙනවා. හැබැයි ඉතිං මේ වගේ මාතෘකාවක් කතා කරනකොට ආත්ම සංකල්පය, චතුස්කෝටික තර්කණි වගේ දේවල් ගැන ශාස්වත දෘශ්ඨිය, උච්ඡේද දෘෂ්ටිය වගේ දේවල් ගැනත් පොඩියට හරි අවබෝධයක් තියෙනවනම් එක හරි වැදගත්, ඒවා ගැන මේ ලිපියෙන්නම් කතා කරන්න බලාපොරොත්තුවක් නැ. කෙසේ වෙතත් ආත්ම වාදය බුදුදහමින් මුලුමනින්ම බැහැර වෙන නිසා සමහරවිට ඔබටත් මේ ගැන තාමත් ගැටලු ඇති "ආත්මයක් නැත්තම් කොහොමද මේ ජිවිතයේදි කරන කර්ම ඊලඟ ජිවිතයකදි විපාක ගේන්⁣නෙ?" වගේ ගැටලු. කය සහ ආත්මය හෙවත් ජීවය එකක්ද දෙකක්ද කියන විවාදය බුදුන් වහන්සේට ඒ කාලයේ දාර්ශනික සමාජයෙන් ඉදිරිපත් වෙච්ච ගැටලු අතර ප්‍රමුඛත්වයක් ගත්තා. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නයට සරල පිළිතුරු දීමෙන් වැලකිල ගැඹුරු දාර්ශනික විග්‍රහයක් කලා. පටච්ච සමුප්පාද විවරණය තමයි මේකට මූලිකව පාදක කරගත්තේ.. හේතු උපදවාගෙන භවය සකස් කරන අකාරයත්, හේතුවක් නැති තැන ඔය කියන ආත්මයක් හෝ ජීවයක් ඉදිරියට පවතින්නෙ නැති බවත් උන්වහන්සේ ගැඹුරින් විග්‍රහ කරනවා. දාර්ශනික සමාජයෙන් ඉස්මතු වෙන කාරණා දෙකක් තමයි "සිත හා ගත එකිනෙකට බලපාමින් ක්‍රියාත්මක වෙනවා" ,"මනස හුදෙක්ම කයේම අතුරු ඵලයක්" , කියන උභය මතය ඉතිං බුදු දහමේ අදහස ඔබට පැහැදිලි කරන්න පහසුම විදිහ තමයි ඒ කරුණු දෙකට අමතරව ඔබට අදහසක් තියේද කියල ඔබෙන්ම ප්‍රශ්නයක් අහන එක ඇත්තටම ඔබ දාර්ශනිකයෙක් නොවුනත් මේ ගැන ඔබත් දවසක කල්පනා කරල ඇති.. මොකක්ද මේ ජිවිතේ, හිත, ආත්මය, මැරුණට පස්සෙ මොකද වෙන්නෙ, ඊට අමතරව අපාය දිව්‍ය ලෝකය වගෙ දේවල් ගැන හිතල ඇති. ඇත්තටම ඔබ මේ ගැන හිතන්න මහන්සි වෙන්න ඕන නැ අපේ බුදු පියාණන් වහන්සේ මේවා ගැන පැහැදිලිවම දේශනා කරල තියෙනවා ඉතා සරලව මේ කාරණය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. බුදු දහම උගන්නවන විදිහට මෙහෙමයි සඳහන් වෙන්නෙ සිත හා කය අතර පැහැදිලි හා මනා සම්බන්ධතාවක් ඇති කරගත යුතු බවත්, එසේ සිත සම්බන්ධ තේරුම් ගැනීමට නම් කය නිරෝගීව පැවතිය යුතු බවත් බුදු දහම පෙන්වා දෙනවා. සිත වඩන්නට භාවනා කරන්නකුගෙ ගත එයට මහත් පිටුවහලක් සැපයිය යුතුමයි නොඑසේනම් භාවනාව අසාර්ථක වෙනවා.මිනිසාගේ ජිවිතය ආයුෂය,උෂ්ණය හා විඤ්ඤාණය මත පදනම් වන බවත් මින් කවරක් හෝ ඉවත්ව ගිය කල් හී ඒ ජිවිතය කෙළවර වන බවත් මූලික බෞද්ධ ඉගැන්වීම් වල දැක්වෙනවා. ඊළඟට පුනර්භවය බුදුදහමේ මූලික ඉගැන්වීමක් හා පිළිගැනීමක් ඒ කියන්නේ මරණින් පස්සෙ ආත්මයක් නැතත් විඤ්ඤාණය උච්ඡේද වෙන්නෙ නැ ඒ කියන්නේ එකම විඤ්ඤාණය හේතූන් නිසා නොකඩවා සසරෙ ගමන් කරනවා.මේ කාරණයෙන් පැහැදිලිව වටහගන්නට ටිකක් මහන්සි වෙන්න. නැත්තම් වෙන්නෙ මිත්‍යා දෘශ්ඨියෙන් මේ ජිවිතේ නිරපරාදේ ගෙවෙන එක ඒ නිසි මේ කාරණය සුළුවෙන් තකන්න එපා. මතු බවය අගතිගාමි නොවී ඉන්න නම් මේක තේරුම් ගැනීම ඉතා වැදගත්, ජිවිතේන්ද්‍රියට කායික පදනමක් වගේම මානසික පදනමකුත් තියෙනවා කියල අපිට වැටහෙන්න ඕන.. සිත හා ගත ගැන කතා කරනවිට ඔබගේ අවධානය මොහොතක් මම යොමු කරන්න කැමතියි රහතන් වහන්සේ නමක් වෙත මුගලන් මහාරහතන් වහන්සේ ගැන හිතමු උන්වහන්සේට පුලුවන් උණා යතුරු කටින් ගමන් කරන්න. පොලවට කිමිදෙන්න, පෘතුවියට නික්⁣මෙන්න මනෝමය කායයක් අරන් භෞතික ශරිරයෙන් පිටතට යාමට මේ දේවල් කරන්නෙ භාවනා බලයෙන් මහාභුත රූප කොටස් පරිවර්තනය කරන්න හැකියාව ලැබෙනවා .ඒ මේ හිතෙ බලය නිසා කය පවා වෙනස් කරගන්න පුලුවන් ඒත් කුමන විදිහේ කායික ක්‍රියාකාරකමක් කලත් සිතට නම් ඒ තරමට බලපෑම් කිරිමෙ හැකියාවක් නැ කියල කියන්න පුලුවන්, කෙසේ නමුත් සිත හා ගත යනු එකම පදාර්ථයක් නොවුනත් මේ යුගලය අන්‍යොන්‍ය වශයෙන් එකටම පවත්නා දෙයක් බවයි බුදු දහමේ විස්තර කරන්නෙ.භවයට එය සෙවණැල්ලමෙන් බැඳී පවතින දෙයක් බවයි. අරුපී තලයන්හිදි මේ කාරණය අදාල වෙන්නෙ නම් නැ. අවසානයට කියන්න තිබෙන්නෙ මෙපමණයි "ගත සිත හා දෙකක්ද? එකක්ද?" යනුවෙන් කවුරු හරි ප්‍රශ්න කළොත් ඒක බැහැර කරන්න හේතුව ඒ ප්‍රශ්නය නිවනට අදාල නොවන දෙයක් නිසා..සිත සහ ගත අතර බෙෘද්ධ මතය මෙතනින් අහවර කරනවා. ඊලඟ කොටසින් ලෝකය සහ හිත ගැන සරලව විස්තරයක් කරනවා. තෙරුවන් සරණයි !!!