Maharaja kansa theme song lyrics මහරජ කන්සා තේමා ගීතය

අනුරාගික නෙත් මානේ පිය නගලා මන්දාකිණි තරු යායේ සැරිසරලා සිහින මවනා දෙනෙත සොයනා පවන කළතා හැඟුම ගවසා අහස කළඹා ඔබම සොයනා දිවිය නොතකා ඔබම පතනා

ශුංගාරිය සොයා මන්දාකිණි ගෙවා මහා මෙර දරා ඔබ වෙත ලං වෙමි සදා ආශා ලංලං වේදෝ සැමදා

මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා ආදර හීඉ සර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මව් හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා

මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ හැඟුමන් මැවේ රෑ තුන් යමේ ඔබ ගැන නිතරම සිතේ සිතුවිලි මගේ සසලවේ මල් පිනි වගෙ සුව දැනේ රිදුමන් නොදේ මතු කිසිදිනේ ඔබෙ නෙතු නිතරම මැවේ

මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා ආදර හීඉ සර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මව් හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා

ආශා ලංලං වේදෝ සැමදා යන්තම් පාවී යන් යන්නේදෝ සැමදා